ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ගලයෙකු විසින් පහරදී තිබෙනවා.
පහර කෑමෙන් අනතුරුව මන්ත්‍රීවරයා එරාවුර් මූලික රෝහලට ඇතුළත් වී ඇති බවයි වාර්තා වුණේ.
කෙසේවෙතත් පස්වරුවේ ඔහු රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාගේ පියාට සහ සහෝදරයාට එරාවුර් ප්‍රදේශයේදී අද පෙරවරුවේ පුද්ගලයෙකු විසින් පහරදී තිබෙනවා.
ඔවුන්ගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් මන්ත්‍රීවරයාට බැනවැදී ඇති බවයි වාර්තා වුණේ.
එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතා එරාවුර් පොලිසිය වෙත යමින් සිටියදී පිටුපසින් පැමිණි අදාළ පුද්ගලයා පහරදී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි එරාවුර් පොලිසිය පැවසුවේ.