අනවශ්‍ය දේ සඳහා සම්බන්ධ නොවී රට ගොඩනැගීමට කටයුතු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
ජනාධිපතිවරයාගේ චීන සංචාරය රටට සාර්ථක බවයි ඔහු පෙන්වා දුන්නේ.
ඒ අනුව ඉන්දියාව ද අමනාප නොකර ගනිමින් චීන ආධාර ලබාගෙන රට සංවර්ධනය කළ යුතු බව ඔහු පැවසුවා.
ආණ්ඩුවේ වත්මන් කාර්යය සම්බන්ධයෙන් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා අදහස් පළ කළා.