වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසවා.
එම අධිකාරියේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා පැවසුවේ ඊයේ දිනය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකල වැටලීම්වලදී වෙළදුන් 30 දෙනෙකු සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් බවයි.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් සිදුකරනු ලබන දැනුවත් කිරීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීම් පිළිබද අවධානය යොමු කරමින් වැඩි මිලට සහල් අලෙවි නොකරන ලෙසත් එවැනි වෙළඳුන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අසේල බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවා.