Friday, March 28, 2025

General line - 0115112241

කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක්



කැරිබියන් මුහුදේ රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් හටගෙන තිබෙනවා 

එරට වේලාවෙන් සවස 6:23 ට මුහුද මැද භූමිකම්පාව සිදු වූ අතර එය කිලෝමීටර 10 ක් ගැඹුරින් සිදු වූ බවයි එක්සත් ජනපද ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ 

ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහායි 

කේමන් දූපත් වෙරළ ආසන්නයේ පදිංචිකරුවන්ට රට අභ්‍යන්තරයට සහ උස් බිම්වලට යන ලෙස නිවේදන නිකුත් කර ඇති අතර  එහි සඳහන් වූයේ රළ මීටර් 0.3 සිට 1 දක්වා උසකට ළඟා විය හැකි බවයි.

කියුබානු රජය වෙරළබඩ ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්ට්ත කරන්නේ 

කියුබාවේ සමහර වෙරළ තීරයන්හි වඩදිය මට්ටමට වඩා මීටර් 1 සිට 3 දක්වා සුනාමි රළ ඇති විය හැකි බවත්  හොන්ඩුරාස් සහ කේමන් දූපත් වල සමහර වෙරළ තීරයන්ට වඩදිය මට්ටමට වඩා මීටර් 0.3 ත් 1 ත් අතර රළ ඇති විය හැකි බවයි එක්සත් ජනපද රජයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය පැවසුවේ