Monday, February 24, 2025

General line - 0115112241

විදුලි ජනක යන්ත්‍රයක දුම ආග්‍රහණය වීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු රෝහල් ගත කෙරේ

රංජිත් රාජපක්ෂ



විදුලි ජනක යන්ත්‍රයක දුම ආග්‍රහණය විමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. 

බගවන්තලාව ප්‍රදේශයට විදුලි බලය ඇණහිටීම හේතුවෙන් නගරයේ සිල්ලර වෙළඳසැලක විදුලිබලය ලබා ගැනිමට විදුලි ජනක යන්ත්‍රයක් වෙළඳසැල තුළ ක්‍රියාත්මක කර ඇති අතර එහිදී එම වෙළඳසැලේ සේවකයින් සිව්දෙනෙකුට ශ්වසන අපහසුතා ඇති විම හේතුවෙන් එම සේවකයින් සිව්දෙනා රෝහල් ගත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

රෝහල් ගත කල සේවකයින් අතර කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු වනවා. 

ඔවුන් අවුරුදු 25 සහ 35 යන වයස්වල පසුවන පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.