නිරිතදිග චීනයේ සිචුආන් ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 28 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.
සිචුවාන් පළාතේ ජින්පින් ගම්මානයේ ඇති වූ එම නායයෑමෙන් නිවාස 10ක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
සුන්බුන් අතර සිටි පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට බේරා ගෙන ඇති අතර සිරවී සිටින පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අදාළ ප්‍රදේශයෙන් තවත් පුද්ගලයින් 360 දෙනෙකු ඉවත් කිරීමට ද එරට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා සහන සේවා සපයන්නන් සහ එරට ආරක්ෂක අංශ නිලධාරීන් 10,000කට අධික පිරිසක් යොදවා ඇති බව සඳහන්.
එරට රජය පැවසුවේ මෙම දිනවල චීනයට බලපෑ අධික වර්ෂාපතනය සහ දේශීය භූ විද්‍යාත්මක තත්ත්වයන් එම නායයෑමට හේතුවිය හැකි බවයි.
නායයාම සිදු වූ ප්‍රදේශය අවට ප්‍රදේශවලට ඇති විය හැකි අවදානම් තත්ත්වය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත් චීන අගමැති ලී ච්‍යං ඉල්ලීමක් සිදුකර තිබෙනවා.