Wednesday, March 26, 2025

General line - 0115112241

කොස්වත්තේ ටයර් අලෙවිසැලක ගින්නක්



බත්තරමුල්ල, කොස්වත්ත, හීනැටිකුඹුර මංසන්ධියේ පිහිටි ටයර් අලෙවිසැලක අද අළුයම ගින්නක් හටගෙන තිබෙනවා. 

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නීවීම් භටයින් 15 දෙනෙකු සමඟ රථ 04ක් එම ස්ථානයට යොමුකළ බවයි. 

ඒ අනුව ටයර් අලෙවිසැලේ හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා තිබෙනවා. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.