පුද්ගලයන් සිව්දෙනෙකුට ජීවිත අහිමි කරමින් කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ අද අළුයම සිදු වූ අනතුරට හේතුව බස් රථයක් අධික වේගයෙන් ධාවනය කිරීම බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ එම අනතුරෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි.
ඒ අතර පිටුපසින් පැමිණි බස් රථයේ කොන්දොස්තරවරයා ද වන බවයි පොලිසිය පැවසුවේ.
එම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 33 දෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අධික වේගයෙන් ධාවනය කළ බස් රථයේ රියදුරා දොරටියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.