Monday, February 24, 2025

General line - 0115112241

කටුනායක ගුවන්තොටෙන් ජීව උණ්ඩයක් සොයා ගැනේ

ටී කේ ජී කපිල



කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ගමන් මලු‍ පර්යන්තය අසළ වැටී තිබියදී මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් සොයාගෙන තිබෙනවා. 

ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් එය සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. 

අදාළ උණ්ඩය ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාරදී තිබෙනවා.

එය සොයාගත් සහායක සේවිකාවකගෙන් ද පොලීසිය විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එමෙන්ම එම උණ්ඩය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය වෙත පිටත්ව ගියා.