අද සහ හෙට දිනයේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
ඒ අනුව පස්වරු 03.30ත් රාත්‍රී 09.30ත් අතර කාලය තුළ සමස්ත දිවයිනම ආවරණය පරිදි එලෙස විදුලිය කප්පාදු කරන බවයි එම මණ්ඩලය පැවසුවේ.
ඒ, කාණ්ඩ හතරක් යටතේයි.
විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා එලෙස අද සහ හෙට දිනයේ පැය එක හමාර බැගින් විදුලි කප්පාදුව සිදු කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.
ඒ අනුව, ඒ ඒ ප්‍රදේශවලට විදුලි කප්පාදුව සිදුකරන කාලසටහන ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම කාල සටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ සහ නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.
CEB Press Release-2025!02!10 by Nethfm on Scribd