රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලීමක් කර තිබෙනවා.
එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින්.
රාජ්‍ය නොවන සංවිධානවල අරමුදල් සහ විනිවිදභාවය පිළිබඳ ගැටළු මතුවී ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ.
ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන නිසි ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන අතර හෙළිනොකළ විදේශ අරමුදල් ලබාගනිමින් සිටින බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
මෙම කරුණු සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට සහාය දක්වන බවද නාමල් රාජපක්ෂ මහතා සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.