Wednesday, April 16, 2025

General line - 0115112241

රාජ්‍ය සේවයට අලුතින් 7,400ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය



රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7,456ක් පිරවීම සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ නිර්දේශවලට අනුවයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.