Monday, February 24, 2025

General line - 0115112241

හෙට ලයිට් කපනවද නැද්ද? තාමත් තීරණයක් නෑ



හෙට දිනයේ විදුලි කප්පාදුවක් සිදු කරනවාදැයි මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ හෙට දිනයේ සිදු කරන විදුලි කප්පාදුව පිළිබඳ හෙට උදෑසන තීරණයක් ගන්නා බවයි. 

බොහෝ දුරට විදුලි කප්පාදුවක් සිදුවුවහොත් එය සිදු වන්නේ පස්වරුවේ බැවින් හෙට උදෑසන විදුලි කප්පාදුකරන වේලාවන් පිළිබඳ නිල වශයෙන් දැනුම්දෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන්කළේ. 

ඉකුත් 09 වනදා සිදුවූ හදිසි විදුලිබිඳ වැටීම හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ආරක්‍ෂණ පද්ධතිය ක්‍රියාත්මක වුණා. 

ඒ හේතුවෙන් එහි ජනක යන්ත්‍ර 03ම අක්‍රීය වු බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ. එය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. 

නොරොච්චෝලේ සම්පූර්ණයෙන්ම බලගැන්වෙන තුරු කලාප වශයෙන් පැය එක හමාරක කාලයක් විදුලිය කප්පාදු කිරීමට තීරණය කෙරුණා. 

ඒ, ඉකුත් සඳුදා සිටයි. 

කෙසේවෙතත් විදුලි ඉල්ලුම අඩු වීම හේතුවෙන් පොහොය දිනය වන අද විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටයි තීරණය කර ඇත්තේ.