කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේ පාසලක ඊයේ පස්වරුවේ හටගත් ගැටුමෙන් තුවාල ලැබූ 11 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසනවා.
වාර්තා වන පරිදි පාසලේ පැවති නිවාසාන්තර ක්‍රීඩා උත්වසයේ පෙර සංවිධාන කටයුතු සිදුවන අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් මෙම පිරිස තුවාල ලබා ඇති බවයි.
එක් අයෙකු මුල්ලේරියාව රෝහලේත්, දෙදෙනෙකු නවගමුව රෝහලේත්, තවත් 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබනවා.
තුවාල ලැබූවන් අතර සිසුවියන්ද වන බවයි පොලීසිය පැවසුවේ.
ආදි ශිෂ්‍යයෙකු සමග විදුහලට ඇතුළු වූ පිටස්තර පිරිසක් සිසුන් සමග මෙම ගැටුම ඇතිකරගත් බවටද වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.