සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන හා අවසන් තරඟය අද පැවැත්වෙනවා.
ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
පෙරවරු 10ට තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙම තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 49ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට පිවිසෙන්නේ දෙකට බින්දුවක් ලෙස තරඟාවලිය ජය ගැනීමේ අපේක්‍ෂාවෙන් යුතුවයි.
2022 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී පැවති එක්දින තරඟාවලියද තුනට දෙකක් ලෙස ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.