Sunday, February 23, 2025

General line - 0115112241

විදුලිය කැපීම අද සිට නවතී



දිවයින පුරා සිදු කළ විදුලි කප්පාදුව අද සිට සිදු නොකරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. 

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ නොරොච්චෝලේ බලාගාරයේ එක් ඒකකයක් මේවනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි. 

එමෙන්ම එහි ඉතිරි ඒකක දෙකද ඉදිරි දින තුළ ක්‍රමයෙන් පද්ධතියට එක්කිරීමට නියමිතයි. 

විදුලි කප්පාදුව සිදුවූ අවස්ථාවලදී ඉවසීමෙන් කටයුතු කළ විදුලි පාරිභෝගිකයන්ට සිය කෘතඥතාව පලකරන බවද බලශක්ති අමාත්‍යවරයා පැවසුවා.

යළි එලෙස විදුලිය බිඳවැටීමේ තත්ත්වයක් රට තුළ ඇති නොවීමට අවශ්‍ය කෙටිකාලීන සහ දීර්ඝකාලීන පියවරයන් ගැනීමට අවශ්‍ය කටයුතු, දැනටමත් ආරම්භ කර ඇති බවයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසුවේ.