Wednesday, March 26, 2025

General line - 0115112241

නීතිවිරෝධීව එකලස් කරන ලද තවත් වාහනයක් සොයාගනී



රඹුක්කන, කන්සලගමුව ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කෑගල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදීයි. 

සැකකරු රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. 

ලියාපදිංචි සහතිකය නොමැති අනන්‍යතාව තහවුරු නොකළ නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද එම මෝටර් රථය සමග සැකකරු රඹුක්කන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.