පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඊට අනුමැතිය හිමි වූයේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ඒ එච් එම් එච් අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් අද පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.
එමෙන්ම එහිදී 2021 සහ 2022 යන වර්ෂ සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාවද කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය හිමිව තිබෙනවා.
එම අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.