Tuesday, March 25, 2025

General line - 0115112241

දකුණු කොරියාවේ හෝටල් ඉදිකිරීම් ස්ථානයක ගින්නකින් හය දෙනෙකු මරුට



දකුණු කොරියාවේ වරාය නගරයක් වන බුසාන් නගරයේ හෝටල් ඉදිකිරීම් ස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම  ගින්නෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති බවයි. 

එම ස්ථානයේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයන් 100ක් පමණ බේරා ගෙන ඇති බව එරට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවා. 

එමෙන්ම තවත් පුද්ගලයින් 14 දෙනෙකු හෙලිකොප්ටර් යොදාගෙන බේරා ගෙන තිබෙනවා. 

ගින්නෙන් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ඉදිකිරීම් භූමියේ පළමු මහලේ ගබඩා කර ඇති අමුද්‍රව්‍ය කිහිපයක් හේතුවෙන් ගින්න හට ගත් බවයි. 

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 127ක් සහ ගිනි නිවන භටයින් 352ක් එම ස්ථානයට යොමු කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.