පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පවත්වන ලෙසට විපක්ෂය ඉල්ලීමක් කළේ කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර මැතිවරණය පැවැත්වුවහොත් දේශපාලඥයින් මෙන්ම ජනතාවද පීඩාවට පත්වන බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු කියා සිටියේ.