Tuesday, April 15, 2025

General line - 0115112241

සින්නක්කර ඔප්පු ලබා දීමේ ක්‍රමය වෙනස් කිරීමට තීරණයක්



සින්නක්කර ඔප්පු ලබා දීමේ පවතින ක්‍රමවේද වෙනස් කරන බව කෘෂිකර්ම, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

මේ වන විට ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය තුළ ඉඩම් විශාල වශයෙන් කැබලි වීමේ තත්ත්වයක් තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.  


මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළා.