Tuesday, March 25, 2025

General line - 0115112241

පරිසර ගැටලු දැනුම්දෙන්න වට්ස්ඇප් අංකයක්



පාරිසරික ගැටලු විෂයභාර අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීමට මෙන්ම එම  ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා නව වට්ස්ඇප්  අංකයක් හඳුන්වා දී තිබෙනවා. 

පරිසර අමාත්‍යංශය පැවසුවේ 076 64 12 029 යන එම දුරකථන අංකයට කෙටි පණිවිඩ මගින් පමණක් පරිසර ගැටලු යොමු කළ හැකි බවයි. 

076 64 12 029  යන එම දුරකතන අංකයට ලැබෙන පරිසර ගැටලු අදාළ ආයතන වෙත යොමු කර කඩිනම් විසඳුම් ලබා දීමටත් ඒ පිළිබඳ පසු විපරම් ක්‍රියාවලිය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමටත් අපේක්‍ෂා කෙරෙනවා. 

සෑම මසකම සතියේ දින 05 තුළ පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා එම සේවාව ක්‍රියාත්මක බවද පරිසර අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.