Sunday, February 23, 2025

General line - 0115112241

වී මෝල් ලියාපදිංචිය ඇරඹේ



වී මෝල් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසනවා. 

එහි සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ වී තොග රැස් කරන්නන් සියලු දෙනා වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු බවයි. 

මේ අතර ඉදිරියේදී ගොවීන් සිය වී, මණ්ඩලය වෙත ලබා දෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 


වී අලෙවි මණ්ඩලය හරහා රජය වියළි නාඩු වී කිලෝවක් රුපියල් 120කට මිලදී ගනු ලබනවා. 

සම්බා වී කිලෝවක් මිලදී ගනු ලබන්නේ රුපියල් 125ක මිලකටයි. 

කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගනු ලබන බවයි වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ.