“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ දිවයිනේ තෝරාගත් පාසල් දහසක් නවීකරණය කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
එමෙන්ම ප්‍රධාන බස් නැවතුම්පළවල් 50ක් කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පළේදී අද ආරම්භ වූ “ක්ලීන් ශ්‍රී ලංකා” බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනට එකවෙමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙම අදහස් පළ කළා.