රෝහල් ගත කළ ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මේ වන විට සුවය ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.
බ්‍රොන්කයිට්ස් නම් රෝගය වැළඳීම හේතුවෙන් පාප් වහන්සේ රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කෙරුණු බව වතිකානුව මීට පෙර නිවේදනය කළා.
88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නව ප්‍රතිකාර ක්‍රම ආරම්භ කිරීමත් සමඟ සුවය ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එම රෝගය වැළඳීම හේතුවෙන් 2023 වසරේදී ද උන්වහන්සේට එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගීවීමට තිබූ ඩුබායි සංචාරය ද අවලංගු කෙරුණා.
එමෙන්ම පසුගිය වසර දෙක තුළ පාප් වහන්සේ කිහිපවරක්ම ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පීඩාවට පත්ව සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.