Sunday, February 23, 2025

General line - 0115112241

අක්‍රීය වූ නොරොච්චෝලේ යථා තත්වයට



අක්‍රීය වූ නොරොච්චෝලේ ලක් විජය ගල් අගුරු බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. 

දිවයින පුරා පසුගියදා සිදුවූ හදිසි විදුලි බිදවැටීමත් සමග එම ගල් අගුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වුණා. 

යළි යථාතත්ත්වයට පත් කළ ජනන යන්ත්‍ර තුනෙන් දෙකක් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ. 

සෙසු ජනන යන්ත්‍රය ද පද්ධතියට එක්කිරීම සඳහා සූදානම් කර තිබෙනවා.