නවදිල්ලියේ දුම්රිය ස්ථානයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එලෙස මිය ගිය පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු සිටින බවයි.
රාත්‍රී දුම්රිය සේවා දෙකක් ප්‍රමාද වීම සහ මගීන්ගේ අධික පැමිණීම එම තදබදයට හේතු වී තිබෙනවා.
අනතුරට ලක් වූ පිරිස ඉන්දියාවේ පැවැත්වෙන හින්දු ආගමික උත්සවයක් වන ‘කුම්භමේලා’ උත්සවයට සහභාගී වීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
‘කුම්භමේලා’ උත්සවය හේතුවෙන් එම අවස්ථාවේදී දුම්රිය ස්ථානයට පුද්ගලයින් විශාල පිරිසක් රැස්ව තිබෙනවා.
විනාඩි 15ක් පමණ ගත වන තුරු තදබදය පාලනය කිරීමට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේවෙතත් අදාළ දුම්රිය ස්ථානයෙන් ජනතාව ඉවත් කිරීම සඳහා දුම්රිය හතරක් භාවිතා කිරීමට ද එරට රජය පියවර ගෙන තිබෙනවා.