Sunday, February 23, 2025

General line - 0115112241

යුද හමුදා සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ විශේෂ නියෝගයක්



මේජර් තනතුරින් පහළ සියලු යුද හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා ලෙස යුද හමුදා මූලස්ථානය මගින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා. 

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා පැවසුවේ විදේශ පුහුණුවීම්වලට අදාළ පරිපාලන කටයුත්තකට අනුව එම පියවර ගෙන ඇති බවයි. 

කෙසේවෙතත් පෞද්ගලික අවශ්‍යතා සඳහා අදාළ අංශ දැනුවත් කර විදෙස් ගමන් බලපත්‍රය නැවත ලබාගැනීමේ හැකියාව පවතින බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.