Sunday, February 23, 2025

General line - 0115112241

රුසියාව සහ යුක්රේන යුද්ධය පිලිබඳ තීරණයක් ගන්න හදිසි සමුළුවක්



රුසියාව සහ යුක්රේනය අතර  යුද්ධය පිළිබඳ හදිසි සමුළුවක් සඳහා යුරෝපීය නායකයින් හෙට රැස්වීමට නියමිතය. 

ඒ අනුව රුසියා – යුක්‍රේන යුද්ධය නිමාවට පත්කිරීම සඳහා ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙහෙයවීමෙන් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද සෞදි අරාබියේදී රුසියානු නිලධාරීන් හමුවීමට නියමිතව තිබෙනවා.  

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් ද මෙම හදිසි සමුළුව සඳහා සහභාගී වීමට නියමිතයි. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යුක්රේනයට ද ආරාධනා කර ඇති බව ඇමරිකාව පවසා ඇති නමුත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ තම රටට එවැනි ආරාධනයක් ලැබී නොමැති බවයි. 

එසේම අමෙරිකාව සහ රුසියාව එකඟ වූ කිසිදු ද්විපාර්ශ්වික ගිවිසුමක් යුක්රේනය විසින් පිළිගන්නේ නැති බවත්  යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා