Tuesday, April 15, 2025

General line - 0115112241

පල්ලම ප්‍රදේශයේ සිදු වූ වාහන කොල්ලයකට සම්බන්ධ තුන්දෙනකු අත්අඩංගුවට



පසුගිය 10 වනදා පල්ලම පොලිස් වසමේදී මෝටර් රථයක් කොල්ලකෑමේ  සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු සහ සැකකාරියක් කොල්ල කන ලද මෝටර් රථය සමඟ දඹදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා. 

එම සැකකරුවන් දෙදෙනාගෙන් අනාවරණ වූ තොරතුරු අනුව සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ උස්වැටකෙයියාව ප්‍රදේශයේදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දඹදෙණිය හා උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය ආඬිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. 

මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු මීගොඩ හා පන්නල ප්‍රදේශවල සිදු වූ කොල්ලකෑමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ අයෙකු බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.