මෙම වසරේ සියයට 5ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
2025 අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක් වෙන්කර ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිී සහනධාරය ජූලි මාසයේ සිට ලබාදීමට කටයුතු කෙරේ.
වැඩිහිටි දීමනාව රුපියල් 3,000 සිට 5,000 දක්වා වැඩි කෙරේ.
නියාමන ආයතන හරහා වෙළඳපොළ නියාමනයට වැඩි අවධානයක්.
2025 - 2029 කාලයට අදාළව ජාතික අපනයන සැලැස්මක්.
වේයන්ගොඩට අභ්‍යන්තර බහාලුම් අංගනයක්.
නව රේගු පනතක් ගෙන ඒමට සහ ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීමට පියවර.
මෙම වසර තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර හෝ වාහන ලබාදීමට මුදල් වෙන්කර නැහැ.
මහාපොළ දීමනාවත් රුපියල් 6500කින් ඉහළට.
පවතින පාසල් පද්ධතියට සමාලෝචනය කර යළි ස්ථානගත කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කෙරේ.