Saturday, May 31, 2025

General line - 0115112241

කතාබහක් ඇති කළ ගල්කිස්ස පොලීසියේ ගිනි අවිය සොයාගැනේ



පසුගියදා රටින් පළාගිය ගල්කිස්ස පොලිස් ස්ථානයට අනියුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයා වෙනත් පාර්ශවයකට ලබා දී තිබූ රාජකාරි ගිනිඅවිය සොයාගෙන තිබෙනවා. 

ඒ, උණ්ඩ 30ක්ද සමගයි. 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.