Monday, March 24, 2025

General line - 0115112241

මැතිවරණ කොමිසම පෙරවරුවේ රැස්වෙයි - විපක්ෂයේ නායකයනුත් මැතිවරණ කොමිසමට



මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. 

ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදීයි. 

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ද එම රැස්වීමේදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන රහිතව විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා. 

පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 158ක් හිමි වුණා. 

කිසිදු මන්ත්‍රීවරයෙකු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ නැහැ. 

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා. 

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විවාදයට එක්වෙමින් අදහස් දැක්වූයේ මෙලෙසයි.

කෙසේවෙතත් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ හැකියාවක් නොමැති බවයි.

මේ අතර විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හමුවීමට නියමිතව තිබෙනවා.