Monday, March 24, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය ගත්තොත් පොලිස් සේවයෙන් දොට්ට



පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, වැඩතහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත නිලධාරීන්, මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව අනාවරණය කර ගැනීමට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්ය කරමින්. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම පොලිස් නිලධාරීන් සේවයේ පිහිටුවීමට හෝ නැවත සක්‍රීය සේවයට එක් කිරීමට පෙර පොලිස් රෝහලේදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට අදාළ පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇති බවයි.

කිසියම් නිලධාරියෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වන්නේ නම් එම නිලධාරියා වෙත නැවත සේවය පිහිටුවීම හෝ නැවත සක්‍රීය සේවයට එක්වීමට අවස්ථාව ලබා නොදෙන බවටයි වැඩ බලන පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් දන්වා ඇත්තේ.