Saturday, February 22, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීව අලුත්කඩේ උසාවිය තුළදීම වෙඩි තබා ඝාතනය කරයි



අලුත්කඩේ උසාවිය තුළ අද පෙරවරුවේ සිදුවූ වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ පවතින මෙම ආරක්‍ෂක තර්ජනය සම්බන්ධයෙන් දැඩිව සලකා බැලිය යුතු බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පාතාලය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව දැඩි පියවර ගෙන ඇති බවයි.

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙහිදී අදහස් පළ කළා. 

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.

පාර්ලිමේන්තුවේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.