අරුණ ප්‍රියන්ත විදානගමගේ නොහොත් ‘කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා මිද්දෙණිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේනත්ුවේදී කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් කොස්තාපල්වරයෙකුද වන බවයි.
ගණේමුල්ලේ සංජීව නමැත්තාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳවද මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා එහිදී කරුණු දැක්වුවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා.