Saturday, February 22, 2025

General line - 0115112241

ගම්මන්පිලට එරෙහි නඩුවක සාක්ෂි කැඳවීමට තීරණය වෙයි

උදය කුමාර



ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් සම්බන්ධයෙන් රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ මේ වන වට ඕස්ට්‍රේලියාවේ වෙසෙන සාක්ෂිකාරිකගේ සාක්ෂි සටහන් කර ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ‘සූම්’ තාක්ෂණය මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ජැනට් ෂැඩික් නමැති සාක්ෂිකාරියගේ සාක්ෂිය සටහන් කර ගැනීම සඳහා සිතාසි නිකුත් කරන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා නියම කළේ.

ඉන් අනතුරුව නඩුව ජූලි මස 21 ද කැඳවීමට ද දින නියම වුණා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර උදය ගම්මන්පිල මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට  ඒ තුළින් රුපියල් මිලියන 20ක පමණ මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.