අයි සී සී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් පාකිස්තානයේ කරච්චිහීදී මේ වන විට පැවැත්වෙනවා.
ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි.
මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 315ක් රැස් කළා.
රයන් රිකල්ටන් පන්දු 106කදී ලකුණු 103ක් රැස් කිරීමට සමත් වුණා.
ටෙම්බා බවුමා, රාසි වෑන්ඩර් ඩූසන් සහ ඒඩ්න් මාක්‍රම් අර්ධ ශතක වාර්තා කරමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේදී මොහොමඩ් නබී ලකුණු 51කට කඩුලු 02ක් දවා ගත්තා. ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම සඳහා ලකුණු 316ක ඉලක්කයක් හිමිව තිබෙනවා.