කොටහේන, ගල්පොත්ත හන්දිය ප්‍රදේශය ආසන්නයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු දුරකතන අළෙවි සැලක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් තිබූ බවයි.
කෙසේවෙතත් එම සැකකරුවන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සගවා තිබූ අවිආයුධ සම්බන්ධයෙන් අනාවරණ වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
ඒ අනුව එම අවිආයුධ සිය භාරයට ගැනීම සදහා සැකකරුවන් දෙදෙනා අදාළ ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ ඔවුන් විසින් පොලිස් නිලධාරීන්ගෙන් ගිනි අවි උදුරාගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම් උත්සාහ දරා තිබෙනවා.
ඒ අනුව පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩි ප්‍රහාර හමුවේ තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසුවා.
එහිදී සිදුවූ වෙඩි ප්‍රහාර හමුවේ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනංතු මහතා වැඩිදුරටත් පැවසුවේ.