Saturday, February 22, 2025

General line - 0115112241

වන්දනා නඩයක් රැගෙන පැමිණි බස් රථයක ගින්නක් - පුද්ගලයෙකු ජීවිතක්ෂයට 



උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා 

පොලීසිය සඳහන් කළේ  එම ගින්නට හසුවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

මරණකරු වයස අවුරුදු 55 ක් පමණ වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම බස් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා නඩයක් සමඟ පැමිණ තිබෙනවා 

අනුරාධපුර නගර සභා ගිනි නිවීමේ ඒකකය, අනුරාධපුර පොලිසිය හා උඩමළුව පොලිසිය එක්වී ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හසු වූ බස් රථය සම්පුර්ණයෙන් ගිනි ගෙන ඇත. 

උඩමළුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.