කොවිඩ්-19 වසංගතයට සමාන නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන තිබෙනවා.
මෙම අධ්‍යයනය සිදු කරන ලද්දේ ගුවැන්ෂු විද්‍යා ඇකඩමියේ සුප්‍රසිද්ධ චීන වෛරස් විද්‍යාඥයෙකු වන ෂි ෂෙන්ග්ලි විසින්
ඔහු වවුලන් කොරෝනා වයිරස පිළිබඳ විශේෂඥයෙකු වන අතර මීට පෙර වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ සේවය කර තිබෙනවා
HKU5-CoV-2 නම් කළ මෙම වෛරසය හොංකොං හී japanese pipistrelle නම් වවුලන්ගෙන් සොයාගත් HKU5 කොරෝනා වෛරසයේ නව ප්‍රභේධයක් බව විදෙස් මාධ්‍ය පවසන්නේ
මෙම වෛරසය කොවිඩ් වෛරසය මෙන් මිනිස් සෛල තුළට ඇතුළු වීමට භාවිතා කරන්නේ එකම ACE2 ප්‍රතිග්‍රාහක ප්‍රෝටීනය වන අතර එමඟින් එය යම් දිනෙක මිනිසුන්ටද පැතිර යා හැකි බවට චීන පර්යේෂකයින් පෙන්වා දෙන්නේ
වෛරසය මිනිස් සෛල, පෙහළු සහ බඩවැල් පටකවලට ආසාදනය කළ හැකි බව පරීක්ෂණවලින් හෙළිවී ඇති අතර සතුන්ගෙන් මිනිසුන්ට පැතිරීමේ හැකියාව තේරුම් ගැනීමට තව දුරටත් පර්යේෂණ අවශ්‍ය බව විද්‍යාඥයෝ පවසනවා
මෙම වෛරසය කොවිඩ් තරම් පහසුවෙන් මිනිස් සෛල වලට ආසාදනය නොවන බවයි පර්ශේෂකයින් පෙන්වා දෙන්නේ.