අවි පුහුණුව ලබා හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට සේවය හැරගිය පුද්ගලයින් පාතාලා ක්‍රිකාකාරීන් සමග සම්බන්ධ වීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ඇති බව ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.
එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවයි ආරක්ෂක ලේකම්රයා පැවසුවේ.
මේ අතර අවි ආයුධ සහ අපරාධ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා 1997 විශේෂිත ක්ෂණික දුරකථන අංකය හඳුන්වාදී තිබෙනවා.
වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ මහජනතාවට ඊට අදාළ තොරතුරු 1997 එම විශේෂිත ක්ෂණික දුරකථන අංකයට ලබාදිය හැකි බවයි.
එමෙන්ම ටී 56 ගිනිඅවි පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබාදෙන්නන්ට රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.