Sunday, February 23, 2025

General line - 0115112241

නැගෙනහිර ප්‍රංශයේ පිහි ඇණුමකින් එක් පුද්ගලයෙකු මරුට 



නැගෙනහිර ප්‍රංශයේ මල්හවුස් නගරයේ සිදු වූ පිහි ඇණුමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. 

මෙම සිදු වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් 03 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.  

ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකුට බෙල්ලට සහ තවත් පුද්ගලයෙකුගේ පපුවට ද බරපතල තුවාල සිදුව ඇති බවයි අදාළ විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. 

එම ගැටුම සඳහා මැදිහත් වීමට උත්සාහ කළ 69 හැවිරිදි පෘතුගීසි ජාතිකයෙකු ද මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

මෙලස පහර දීම සිදු කර ඇත්තේ එරට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට සහාය දක්වමින් මල්හවුස් නගරයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරයි. 

කෙසේ වෙතත් සිද්ධිය සිදු වූ අවස්ථාවේදීම  එරට පොලිසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔහු 37 හැවිරිදි ඇල්ජීරියානු ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ.  

සැකකරු මේ වන විට  ප්‍රංශයෙන් පිටුවහල් කිරීමේ නියෝගයක් සහිතව අධිකරණ අධීක්ෂණය යටතේ සිටින බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම එම පිහි ඇනුමට සම්බන්ධ  පුද්ගලයාට මානසික ගැටළු පවතින බවද අනාවරණය වී ඇති බවයි එරට රජය පවසන්නේ.