කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ තිබී සැකකරුවෙකු නොමැති ජීව පතරොම් 123ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ, බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත බණ්ඩාරවෙල බස් නැවතුම්පොල අසලදී එම බස් රථය තුළ සිදුකල පරීක්ෂා කිරීමකදීයි.
එහිදී එම පතරොම් අතර තිබූ පිස්තෝල පතරොම් 113ක්, ටී 56 පතරොම් 09ක් හා ටී 56 එල්.එම්.ජී පතරොමක් ද තිබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
එම පතරොම් බස් රථයේ ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක දමා තිබියදී සොයාගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර හබරාදූව, වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ නිවසක සිදුකල පරීක්ෂා කිරීමකදී රිවෝල්වර අවි, පතරොම් හා කඩු සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක්.
සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර් අවියක්, පිස්තෝල පතරොම් 02ක් හා කඩු 02 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.