රටේ පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ආණ්ඩුවේ නොහැකියාවන් වසා ගැනීම සඳහා වෙනත් උපක්‍රම භාවිතා කරමින් වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ මේ වන විට ප්‍රශන්නයන් පැන නැගී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
මන්ත්‍රීවරයා පැවසුවේ ඉදිරියේදී පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවට තීරණාත්මක මැතිවරණයක් වනු ඇති බවයි.
පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.
මේ දිනවල සිදුවන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.