පේරු හි රියල් ප්ලාසා ටෘජිලෝ සාප්පු සංකීර්ණයේ වහලය කඩා වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 78 දෙනෙකු තුවාල ලබා තිබෙනවා
වයඹදිග පේරු හි සාප්පු සංකීර්ණයක ආපන ශාලාවේ යකඩ වහලයක් මෙලෙස කඩා වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
වහලය කඩා වැටීමෙන් එම ස්ථානයේදීම පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබු අතර හයවන පුද්ගලයා රෝහලේදී මිය ගිය ගොස් තිබෙනවා
තුවාල ලැබූවන් 30 දෙනෙකු දැනටමත් සුවය ලබා පිටව ගොස් ඇති බවත්, 48 දෙනෙකු තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතල බවයි පේරු ආරක්ෂක අමාත්‍ය වෝල්ටර් ඇස්ටුඩිලෝ මාධ්‍ය වෙත පවසා ඇත්තේ
දිවි ගලවා ගත් අය සෙවීම දිගටම කරගෙන යන බවත් විපතට පත් වූවන්ගේ පවුල්වලට අමාත්‍යවරයා සිය ශෝකය පළ කර තිබෙනවා
මේ හේතුවෙන් නගරයේ නගරාධිපතිවරයා විසින් එම සාප්පු සංකීර්ණය වසා දමා ඇති අතර අනෙකුත් සාප්පු මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ