විශේෂ දළදා ප්‍රදර්ශනයක් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව ජනතාව වෙනුවෙන් පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මහනුවර ඓතිහාසික දළදා මාලිගාව වෙත ගොස් දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා ඒ බව පැවසුවා.
මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහනුවර දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන් සහ දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.