අයවැයක් තුළින් නිර්මාණශීලී වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ ද එය ක්‍රියාත්මක වීම පිළිබඳ දැඩි සැලකිල්ලකින් යුතුව රජය කටයුතු කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ පසුගිය ආණ්ඩු ඉදිරිපත් කළ අයවැයවලින් යෙදවූ මුදලින් ජනතාවට උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකි වූ බවයි.
අයවැය තුළින් අපේක්ෂිත අරමුණු සිදුවනවා ද නැද්ද යන්න පිළිබඳ මාස තුනකට වරක් පසු විපරමක් සිදුකල යුතු බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
"සාමාන්‍යයෙන් මොන නිර්මාණශීලී වැඩපිළිවෙලක් අයවැයෙන් ඉදිරිපත් කළත් ලංකාව වගේ රටවල ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. එතකොට රජය වර්ෂය ආරම්භයේදී හෝ පෙර වසරේදී කොතරම් සාර්ථක අයවැයක් ලියලා කරලා සම්මත කර ගත්තාත් වැඩක් නැහැ.
එය හරියට රට තුළ ක්‍රියාත්මක වුණේ නැත්නම් දැන් පෙර සෑම වසරකදීම වගේම අපිට ඒ තත්ත්වය තමයි දැක්කේ සමහර වෙලාවට සමහර අවුරුදුවල මිලියන පන්සීය හයසීය වියදම් කරනවා ඵලදායිතාව වැඩි කරන්න.
නමුත් ඒ ආයතන වල ඵලදායිතාවක් වැඩිවෙලා නැහැ.
ඒවත් ඉතාම දුර්වලයි.
ඉතින් මේ වගේ ආර්ථිකයක සැලසුම් තිබ්බට වැඩක් නැහැ. වැදගත් වෙන්නේ ඒ සැලසුම් හරියට ක්‍රියාත්මක කිරීමයි.
මේ අයවැයත් ලියවිල්ලක් පමණක් නොවී එය ක්‍රියාත්මක කිරීමේ වගකීම් ප්‍රධාන වශයෙන් පැවරෙන්නේ මේ රටේ ඇත්තටම නිලධාරීන්ට, විශේෂයෙන් රාජ්‍ය අංශය පෞද්ගලික අංශයේ ඒ අංශවලින් ඉන්න නිලධාරීන්ට එහෙමනම් එ නිලධාරීන් කොතෙක් දුරටත් රජය ඉදිරිපත් කරන වැඩපිළිවෙළින් සාර්ථකව රට තුළන් ක්‍රියාත්මක වනවා ද යන කාරණය මත තමයි අයවැයේ ප්‍රතිඵල හරියටම රට රටවැසියාට ලැබෙන්නේ.
ඒ නිසා රජයේ හදල තියන සැලසුම ඉතාමත් නිවැරදිව රට තුළන් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් යාන්ත්‍රණයක් දියුණු කළ යුතුයි.
ඒ තුළින් තමයි ඇත්තටම එහි ප්‍රතිඵලය අපිට නිවැරදිව ලබාගැනීමට පුළුවන් වෙන්නේ."