Monday, February 24, 2025

General line - 0115112241

ආරක්ෂාව ඉල්ලූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගැන ආණ්ඩුවේ අවධානය



විපක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන්නැයි ඉල්ලීමක් සිදුකර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ ආරක්ෂාව අවශ්‍ය අයට ආරක්ෂාව ලබාදීම බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඉදිරියේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තිබෙන තර්ජනයන් පිළිබඳ සලකා බලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර සියලුම මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ජංගම මුර සංචාරයේ යෙදී සිටින පොලිස් නිලධාරින් හරහා ආරක්ෂාව ලබාදීමට සහ ඔවුන් සහභාගී වන මහජන උත්සවවලට ද අදාළ පොලිස් ස්ථානවලින් ආරක්ෂාව සපයන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ.