Thursday, April 25, 2024

General line - 0115112241

ඇමති ජෝන්ට වත්තලදී හූ සංග‍්‍රහයක්




වත්තල, ඔලියමුල්ල ප‍්‍රදේශයේ අද (28) පැවති උත්සවයකට පැමිණි පිරිසක් අමාත්‍ය ජෝන් අමරතුංගට විරෝධය පළ කළා.

මෙම උත්සවය සංවිධාන කර තිබුණේ නව පාසලක් ඉදිකිරීම සදහා මුල්ගල තැබීම සදහායි. එහිදි විරෝධය දැක්වූ ප‍්‍රදේශවාසීන් පැවසුවේ මෙම පාසල ඉදිකරන්නේ තම නිවාස සහ කී‍්‍රඩාපිටියද අහිමි කරමින් බවයි.

පසුව අමාත්‍ය ජෝන් අමරතුංග උත්සව සභාව ඇමතුවා. එහෙත් ප‍්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ හූ කියමින් විරෝධතාවේ නිරත වුණා. විරෝධය මධ්‍යයේම අමාත්‍යවරයා සිය කතාව සිදුකළ අයුරු පහතින් අහන්න.

අමාත්‍යවරයාට එම ස්ථානයෙන් පිටව යාමට සිදුවූයේ පොලීසියේද සහාය ඇතිව වෙනත් මාර්ගයකින්.

පසුව අමාත්‍යවරයාගේ රුව සහිත පුවරුවක්ද ප‍්‍රදේශවාසීන් විසින් ගිනි තබනු ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

oliyamulla 01 oliyamulla 02 oliyamulla 03